Monday 10 September 2012

පෞද්ගලික අරමුණු ගැන නොපවසා රටට/ආණ්ඩුවට බැනීම...

මේ දිනවල මාධ්‍ය ඔස්සේ වැඩිපුර කතා බහවෙන දෙයක් තමයි විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්ගේ වර්ජනය සහ ඊට විසඳුම් ලබාදීම.
brain-drain2.jpg
මෙහිදී කියවෙන ප්‍රධානම දෙයක් තමයි ලංකාවේ සිටින ආචාර්ය වරුන්ට පිටරටක යාමට හැකියාව තිබියදී අප රටේම සේවය කරන්නේ රටට තිබෙන ආදරය  නිසා බව...
එමෙන්ම තවත් කියවෙන දෙයක් තමයි අපේ රටෙන් හරියට නොසැලකීම නිසා ඉතා දක්ෂ ආචාර්ය මණ්ඩලයේ  විශාල  පිරිසක් රට හැරගොස් ඇති බව... 

නමුත් මොවුන් දක්වන මෙම කරුණු දෙකම මම පිළිගන්නේ නෑ... 

තමන්ට සිදුවුණු අසාධාරනකම් නිසා රට හැරගොස් සිටිනවානම් එසේ සිටින්නේ ඉතාම සුළු පිරිසක්... එමෙන්ම ලංකාවේ විශ්වවිද්‍යාලවල සේවය කරන ආචාර්යමන්ඩලයේ සියලු දෙනාම එසේ සේවය කරන්නේ රටට තිබෙන ආදරයක් හෝ සේවයක් කිරීමට ඇති අවශ්‍ය තාවය නිසා නෙවෙයි...
යමෙකු තමන්ගේ රට ගැන හිතා රට හැර නොයන්නේ නම් එවන් පුද්ගලයන්ට හැකි උපරිම අයුරින් සැලකිය යුතුයි තමයි.. නමුත් මම දන්නා සත්‍යය නම් එය එසේ නොවන බවයි... 

මම පෞද්ගලිකවම හදුනන රට හැර ගිය/නොගිය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගැන දන්නා කරුණු වලිනුයි මම මේ නිගමනයට පැමිණියේ සහ මම මේ දේ පවසන්නේ... 

පළමුවෙන්ම බලමු,  මෙම පිරිසට පහසුවෙන්ම විදේශ විශ්ව විද්‍යාලවල රැකියා ලබාගත හැකියි කියන ප්‍රකාශය ගැන... 
පිට රට විශ්වවිද්‍යාලවල හොඳ රැකියාවක් ලබාගන්න අන්තර්ජාතික සඟරාවල පර්යේෂණ පත්‍රිකා පලකරලා තියෙන්න ඕනේ අපේ රටේ ඉඳගෙන එහෙම සඟරාවල පත්‍රිකා පලකරන්න අමාරුයි, සමහර සඟරා අපේ රටේ පත්‍රිකා පලකරන්න කැමතිවත් නෑ... ඒක ගැන දැනගන්න බටහිර දැනුම් අධිපත්‍යය ගැන අධ්‍යයනය කරන්න ඕනේ... ඒ ගැන මෙහෙම කතා කරලා ඉවර කරන්න බෑ..අපේ ආචාර්ය මණ්ඩලයේ කීදෙනෙකුටද එහෙම පත්‍රිකා තියෙන්නේ... 

අනිත් ඒක පන්ති සාමාර්ථයක් ගත්ත කියල එයා අති දක්ෂයෙක් වෙන්නේ නෑ...  දක්ෂයෙක් වෙන්න පුළුවන්, නමුත් ඒගොල්ලන්ට විශේෂයෙන් සලකන්න කියල ඉල්ලන ඒක වැරදියි..

ඊළඟට බලමු රට හැර ගියේ තමාට රටෙන් හරි හැටි සැලකීමක් නොවුන නිසා කියන කාරණය... අනිත් එක ඔය රට දාල යන වැඩි දෙනෙක් යන්නේ තමන්ගේ පෞද්ගලික වාසිය අරමුණු කරගෙන... එහෙම ගිහිල්ල කියනවා අපේ රටේ හරි සැලකීමක් නැති නිසා තමයි එහෙම ආවේ කියල...
හරියට කල්පනා කරලා බැලුවොත් අපේ රටේ උගත්/නුගත් අයගෙන් කීයෙන් කීදෙනාටද රට ගැන හැඟීමක් තියෙන්නේ? 

තමන්ට රට ගැන හැඟීමක් නැතිව අනිත් අයට, දේශපාලකයන්ට බනිනවා රට ගැන හැඟීමක් නෑ, දක්ෂයන්ට හරියට සලකන්නේ නෑ කියල...අපේ රටේ ප්‍රශ්නවලට තියන ප්‍රධානම හේතුවක් තමයි රට ගැන හැඟීමක් නැතිවීම... ඒක රටේ බහුතරයක් ඇති කරගත්ත දවසට මේ ප්‍රශ්න ඉබේටම විසඳෙනවා 
මුලින්ම තමන්ගේ හදවතින් අහල බලන්න, තමන්ට රට ගැන හැඟීමක් තියනවද කියල...? මේ ප්‍රශ්නවලට විසඳුම ආරම්භ කරන්න ඕනේ තමන්ගේන්මයි...
තමන්ගේ දරුවන්ට උගන්වන්න තමන්ගේ රටේ තියන වටිනාකම... උපන් රට හැරෙන්න වෙන කිසිම රටක තමන්ට නිදහසක් නෑ... ඒක හොඳට තේරුම් ගන්න ඕනේ දෙයක් හැමතැනින්ම සාධාරණත්වයක් වෙයි කියල බලාපොරොත්තු වෙන්න බෑ... .. ගොඩක් වෙලාවට මේ අසාධාරනකම් වලට වගකියන්න ඕනේ තනි පුද්ගලයෙක් හරි, කණ්ඩායමක් හරි...ඒගොල්ලෝ හැමවෙලේම  තමන්ගේ පුද්ගලික හේතුවක් නිසා එහෙම කරන්නේ...  තමන්ට මොකක් හරි අසාධාරණයක් වුනාම ඒකට රටට බැනල වැඩක් නෑ... ගොඩ දෙනෙක් කරන්නේ රට දාල යන්න ඒක හේතුවක් කරගන්න ඒක එහෙම ගිහිල්ල කියනවා තමන්ගේ රටෙන් හරියට සැලකුවේ නැති නිසා තමයි එහෙම ආවේ කියල...

මෙම කරුණු දෙක කෙසේ වෙතත් මම පිලිගන්නවා වැටුප් වැඩිවීමක් අවශ්‍ය බව, 
නමුත් ඔවුන් ඒ සඳහා ඉදිරිපත් කරන හේතු ආකර්ශනීය සටන් පාඨ බව සැබැයි, කෙසේවෙතත් ඒවා තමන්ගේ හදවතට එකඟව කියන්න පුළුවන් දේවල් නෙවෙයි මේ වර්ජනය සඳහා ඉදිරිපත් වෙලා ඉන්න වැඩි දෙනෙකුට... 

රජයට විශාල වගකීමක් සහ හැකියාවක් තියනවා මිනිස්සුන්ට රට ගැන හිතන්න පුරුදු කරවන්න... නමුත් මේ තාක් කල් එහෙම උත්සහයක්වත් දරපු බවක් පෙන්න නෑ... 
ඉංග්‍රීසි අධ්‍යාපනය හොඳට දෙන්න උත්සහ කරනවා මිසක් රට ගැන හිතන්න පුරුදු කරන්න කිසිම උත්සහයක් ගන්නේ නෑ...අවුරුදු 5-10 විතර මිනිස්සුන්ට රට ගැන හිතන්න පුරුදු කරනකොට හැම දෙයක්ම කාර්යක්ෂම වෙන්න පටන් ගන්නවා, 

රජයටත් මේ පිළිබඳව හරි දැක්මක් හෝ අවබෝධයක් නොමැති බවයි පෙනෙන්නට තියෙන්නේ. රජයත් උත්සහ කරන්නේ මේ ප්‍රශ්නයට පැලැස්තර විසඳුමක් ලබා දී තාවකාලිකව මෙය විසඳා තමන්ගේ ඔලුව බේරා ගැනීමට 

මේ පිළිබඳව රජය කටයුතු කරන්නේ කෙසේද යන්න සහ රජය මේ පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ග ගැන බලා සිටිමු...

රු සටහන් මුලාශ්‍ර : http://cct205-w09.wikispaces.com/Niya+Kabir , http://www.grayshottschool.com/university-and-college-reviews/are-you-suffering-from-brain-drain

No comments:

Post a Comment