Monday 29 October 2012

මංජුල පීරිස් ගේ අනාවැකිය නිවැරදිද? නිව්යෝර්ක් නගරය නැවතත් ජලයෙන් යටවෙයිද?

මට යාන්තමට මතක තිබුනා මංජුල පීරිස් මහත්මයා,  මෙහෙම කතාවක් කියල තිබුනා කියලා... : "2012 - 2013 අතර ඇමරිකාවේ නිව්යෝර්ක් අග නගරය ජලයෙන් යටවන අවදානමක් පවතිනවා. "

ගූගල් එකේ හෙව්වාම සිළුමිණ 2010 පත්තරේක එහෙම කතාවක් කියලා තියනවා කියල දැක්කා...

නැවත සුනාමිඅවදානමක් තිබෙනවා - හෙට දවස ගැන අනාවැකි කියන ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී - මංජුල පීරිස් (http://www.silumina.lk/2010/04/11/_art.asp?fn=av10041117)

මේ ලිපියේ එතුමා මෙන්න මෙහෙම කියල තිබුනා : "2012 - 2013 අතර ඇමරිකාවේ නිව්යෝර්ක් අග නගරය ජලයෙන් යටවන අවදානමක් පවතිනවා. "

ප්‍රවීන ජෝතිර්වේදී මංජුල පීරිස් මහත්මයාගේ අනාවැකිය සාර්ථක වෙන්නවත්ද යන්නේ මේ?

බලමු මොකද වෙන්නේ කියලා...

No comments:

Post a Comment