Wednesday 15 August 2012

එළාර ආක්‍රමණයට වඩා දරුණු ආසනික් ආක්‍රමණය

රජරට වකුගඩු රෝගය ඔබ අප සියල්ලම හොඳින් දන්නා මාතෘකාවක්...

නවතම වාර්තා අනුව රජරට ජනතාවගෙන් 95%, ආසනික් ඇතුළු බැර ලෝහවලට නිරාවරණය වෙලා..
බොහෝ දෙනෙකුට මෙහා නොතේරුණත් මෙය ඉතාමත්ම භයානක තත්වයක්...

හෙළදිවට බත සපයන ප්‍රදේශ අතරින් රජරට ප්‍රදේශය ගාමිණී අභය රජ සමය මෙන්ම මෙන්ම අදත් ප්‍රමුඛ වෙනවා.
දැනට වාර්තා වන අන්දමට මෙම රෝගය නිසා 20000ක් පමණ මියගොසින්. වසරකට නව රෝගීන් 2000ක් පමණ වාර්තා වෙනවා

මෙය මට හැඟෙන විදියට එළාර ආක්‍රමණයටත් වඩා, පිරබාහරන් ගේ ත්‍රස්තවාදයටත්  වඩා දරුණු සහ භයානක තත්වයක්...

නමුත් තවමත් කිසිම විධිමත් අවධානයක් කිසිදු පාර්ශවයක මේ වෙනුවෙන් යොමුවී නැහැ..
බොහෝදෙනෙක් මෙහිදී රජයට දොස් නැගීමට පටන් ගනීවි... නමුත් රජයේ වගකිවයුතු ස්‌ථානවලට මෙහි බරපතල කම වාර්තා නොකොට සඟවාගෙන සිටින බවක්
එක් පරීක්ෂණ කණ්ඩායමක් හෙළිකළා.. ඒ සම්බන්ධ පුවතක් මෙහි දැක්වෙනවා...

මේ සම්බන්ධව රජයේ වගකීමක් තිබෙනවා... නමුත් මෙහිදී මම ප්‍රධාන වශයෙන්ම වගකීම පවරන්නේ රජයේ සේවයේ නියුතු නිලධාරීන්ටයි. රට ගැන නොසිතා තමන්ගේ බද වදාගැනීම සඳහා අතීතයේදී මෙන්ම මෙකලද කටයුතු කරන කණ්ඩායමක් සිටිනවා..

අප ඔවුන්ව පරදවා ජය ගන්නවා... වසර 45ක එළාර ආක්‍රමණය පැරදවීම, වසර 30ක බටහිර රටවල් වලින් පෝෂණය වූ පිරබාහරන් පැරදවීම උදාහරණ වශයෙන් දෙන්න පුළුවන්.

නමුත් අතීතයේ මෙන්ම වර්තමානයේදී ද  අප විශාල විනාශයකට පසුයි එවැනි ආක්‍රමණ පරදවන්නේ... එම නිසා මෙම ආසනික් ආක්‍රමණය (මෙයත් තවක් එක් දේශීය ආක්‍රමණයකි ) පැරදවීමට අදිටන් කර ගමු...

File:Electron shell 033 Arsenic.svgජනතාවටත් මේ සම්බන්ධව විශාල වගකීමක් තිබෙනවා... හැකි තරම් ගෙවතු වගාවට යොමුවන්න... පලිබෝධනාශක රසායන ද්‍රව්‍ය භාවිතයෙන් සම්පූර්ණයෙන් ඈත වන්න... ස්වභාවික ක්‍රම මගින් පලිබෝධ නාශනය කරන්න...

අපට මෙය කිරීමට හැකියි... අතීතයේදී විදේශීය කුමන්ත්‍රණ පැරදවූ... වර්තමානයේදී ද පැරදවූ අපට මේ ඇතිවෙමින් තිබෙන භයානක තත්ත්වයෙනුත් මිදෙන්න පුළුවන්...
එකාවන්ව අපි මෙයින් ජය ගමු...


රට පාවාදෙන්නන් පරාජය වේවා...!!!!
දේශප්‍රේමින්ට දේවාශිර්වාදය හිමිවී ජයග්‍රහණය කිරීමට හැකියාව උදාවේවා...!!!!

ජය ශ්‍රී...!!!!

ආසනික් සහ අදාල ආක්‍රමණ පිළිබඳව පළවූ පුවත්පත් ලිපි කිහිපයක්...
වැඩි දුර විස්තර දැනගැනීමට කැමැත්තෝ කියවත්වා!!!!

1.රසායනික ආසනික් හා වෙනත් ආසනික්
2. අනතුරුදායකයි බත් පතේ ආසනික්‌
3. ජීවිතයට බලපෑ හැකි තර්ජනයක්‌ ගැන ජනතාව පළමුව දැනුවත් කිරීමේ වරදක්‌ නැහැ
4. “රස කර කර වස කමු” – චන්න ජයසුමන
5. ආසනික් ඇත්ත කතාව යට ගැසීමට කෘෂිකර්ම අමාත්‍යාංශය බොරු ගොතයි 

රූ සටහන් මුලාශ්‍ර : http://winnipeganimals.blogspot.com.au/2010/03/arsenic-in-poultry-and-pig-feed.html, http://en.wikipedia.org/wiki/File:Electron_shell_033_Arsenic.svg

No comments:

Post a Comment