Sunday 9 September 2012

පියදාස සිරිසේනගේ කවි


මගේ මිත්‍රයෙකු වන පියදාස සිරිසේන lankacnews.com  වෙබ් අඩවියේ හොඳ පාඨකයෙක්.
ඔහු එහි පලවන විවිධ ප්‍රවෘත්ති වලට කොමෙන්ටු වශයෙන් කුඩා කවි ඇතැම් විට ලියා තිබෙනවා.
ඒ කවි දුටු මම ඔහුට යෝජනා කළා බ්ලොග් අඩවියක් ආරම්භ කර එම කවි එහි පලකරන ලෙස.
නමුත් ඔහු බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට කැමති නැති බව පවසා අවැසිනම්
එම කවි මගේ බ්ලොග් අඩවියේ පලකිරීමට දීමට හැකි බව පැවසුවා.
මෙම ලිපියේ පලවන්නේ එසේ පියදාස සිරිසේනයන් ලබාදුන් කවි කීපයක් සහ ඊට අදාල ප්‍රවෘතියට සබැඳියන්

අනාගතයේදීත් මෙවැනි කවි එකතුවක් ලැබුණු විට වෙනම ලිපියක් ලෙස පළකිරීමට අදහස් කරනවා.

රසවිඳින්න පියදාස සිරිසේනයන් විසින් කාලින ප්‍රවෘත්ති සඳහා පබැඳි කවි...
_______________________________________________________________


නවනන්දනී පිල්ලේ,
තී කොහිද බැල්ලේ?
හැන්ගිලද මුල්ලේ ?
එහෙම නැත්තම් නිදිද වැල්ලේ?


නන්දනී නැන්දේ
ඔයාගේ හැන්දේ
තරම ගැන දැනුන දේ
අසුචි වගේ හරියටම හමන දුගන්දේ

මහින්ද මාමා පැණියා
පැණියා වගේම පරයා
මවිල් ආරු ඇරියා - පිරබාහරන්ට  ඇරියා
ඔයත් කජ්ජක්ද පොර දකුණේ #රියා

_______________________________________________________________

සිනාව නම් සිරියාවයි!  රජාණෝ
කිරියාව නම් භයානකයි! රජාණෝ
ඇමති ටිකත් පිස්සු කෙළියි! රජාණෝ
බලාගෙනයි! පරිස්සමින් අප මහ රජාණෝ
_______________________________________________________________



මනෝ ගනේෂන්
දීපන් මේ දේට කන්
ඉන්නට බැරිම නම් වී සන්සුන්
යවනවා නුඹත් ගිය අත පොලිස්පති නඩේසන්
_______________________________________________________________
අතහැර පැමිණි විට යු.ඇන්.පී නඩය කරන හරි ජරමර
සතුටු වුණා අප අසා නුඹ කරන දෙසුම් හරි රසබර
දෙසුම් වුණා රසබර  මෙන්ම දෑ හිතැති සොඳ  අරුත් බර
හේමකුමාර අප දැන සිටියා බැව් නුඹ නොවෙන, දෙස නසන කළු කුමර
_______________________________________________________________
ගඩාෆි පුත‍්‍රයා එල්ලා මරන්න යයි ?
අහෝ ගඩාපි
ඇමරිකන් පිම්පි
තෙල් ටිකත් බිපි
රටම නූඹේ කාපි
_______________________________________________________________

 රුසටහන්/සෙයාරූ : http://lankacnews.com/sinhala/, http://www.sundayobserver.lk/2010/02/14/spe20.asp

No comments:

Post a Comment