Wednesday, 31 October 2012

මංජුල පීරිස්ගේ අනාවැකිය නිවැරදි වෙයි...


කලින් ලිපියේ සඳහන් කල මංජුල පීරිස් මහත්මයාගේ අනාවැකිය නිවැරදි වූ බව අපට කියන්න පුළුවන් 

එතුමා ලංකාවට නැවතත් සුනාමි අවදානමක් පවතින බව එම ලිපියේම කියලා තිබුනා... 

ලංකාව ආසන්නයේ නිර්මාණය වන භූ තැටියේ පැල්ම නිසා  දැන් භූ කම්පන අවදානම් කලාපයක සිටින බවත් කියවුනා මෑත ප්‍රවෘත්ති කීපයකම..
සුනාමි අනාවැකියත් හරි යයිද? 

Monday, 29 October 2012

මංජුල පීරිස් ගේ අනාවැකිය නිවැරදිද? නිව්යෝර්ක් නගරය නැවතත් ජලයෙන් යටවෙයිද?

මට යාන්තමට මතක තිබුනා මංජුල පීරිස් මහත්මයා,  මෙහෙම කතාවක් කියල තිබුනා කියලා... : "2012 - 2013 අතර ඇමරිකාවේ නිව්යෝර්ක් අග නගරය ජලයෙන් යටවන අවදානමක් පවතිනවා. "

ගූගල් එකේ හෙව්වාම සිළුමිණ 2010 පත්තරේක එහෙම කතාවක් කියලා තියනවා කියල දැක්කා...

නැවත සුනාමිඅවදානමක් තිබෙනවා - හෙට දවස ගැන අනාවැකි කියන ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී - මංජුල පීරිස් (http://www.silumina.lk/2010/04/11/_art.asp?fn=av10041117)

මේ ලිපියේ එතුමා මෙන්න මෙහෙම කියල තිබුනා : "2012 - 2013 අතර ඇමරිකාවේ නිව්යෝර්ක් අග නගරය ජලයෙන් යටවන අවදානමක් පවතිනවා. "

ප්‍රවීන ජෝතිර්වේදී මංජුල පීරිස් මහත්මයාගේ අනාවැකිය සාර්ථක වෙන්නවත්ද යන්නේ මේ?

බලමු මොකද වෙන්නේ කියලා...